ප්‍රධාන නගරවලින් ඈත ප්‍රදේශවල බොහෝ විහාරස්ථානවල තත්වය ඉතා කණගාටුදායකය. ඒවයේ පොඩිහාමුදුරුවන් වහන්සේලා නොවිදිනා දුක් විදිති. සමහර විට මූලික අවශ්‍යතා පවා සම්පූර්ණ කරගත නොහැකි අවස්ථාවලදි භික්ෂු ජීවිතයට සමු දී ජීවන සටනට මුහුණ දෙන්නට ඔවුන්ට සිදුවන අවස්ථා එමටය. එවන් ආර්ථික අපහසුකම් ඇති විහාරස්ථාන හදුනාගෙන ඒවායේ පැවැත්මට යම් තරමතින් හෝ දායකත්වයක් ලබාදීමට අප සිදුකල සංවර්ධන වැඩසටහන් මෙහි දැක්වේ. එසේම ආර්ථික අපහසුකම් ඇති පාසැල් දුවා දරුවන්ට මෙන්ම වැඩිහිටි දෙමාපියන් වෙනුවෙන්ද දියත්කල ව්‍යාපෘති මෙහි ඇතුලත්ව ඇත.