අපි ගැන

බෞද්ධ සන්නිවේදනය සඳහා වූ ජාත්‍යන්තර පදනම

නමෝ බුද්ධාය.

මෙයින් පස්විසිශතවර්ෂයාධික කාලයකට පෙරැ දියතෙ හි පහලැ වූ වීතරාගිකයාණෝදෙව්, මිනිස් ලොවැ ඉක්මවමින් අනන්තාපරිමාණ සක්වලයන් හි දම්අමාබිදු වැසි වැස්ස වූ සේකැ. එ දියෙන්, තෙත් වූ ගිණිය නො හැකි තරම් කෝටි ප්‍රකෝටි ගණන් සත්වයෝ නිවන්දොර විවර කරගත්තා හු ය. නිවන් පුරටවන් උතුමන් ගේ ගණන අටුවාචාරී උතුමන් ගේ අනුමානය අනුව සූවිසි අසංඛෛය නවකෝටි හැටලක්ෂයක් පමණ යැ.

මේ මහාභද්‍රකල්පයෙ හි පළමුවැනි අන්තඃකල්පයෙ හි ලොව පහළ වී වදාළ කකුසද බුදුරජාණන් වහන්සේ අවුරුදු හතලිස්දහසක් ද, දෙවන අන්තඃකල්පයෙ හි ලොව පහළ වී වදළ කෝණාගමන බුදුරජාණන් වහන්සේ අවුරුදු තිස්දහසක් ද, හා තෙවන අන්තඃකල්පයෙ හි ලොව පහල වී වදාල කාශ්‍යප බුදුරජාණන් වහන්සේ අවුරුදු විසිදහසක් ද ආයු වින්දනය කළ හ.

සිව්වන අන්තඃකල්පයේ පහලැ වී වදාළ අප සිද්ධාර්ථ ගෝතමයන් වහන්සේ බුද්ධෝත්පාදිත ව පන්සාලිස්වසක් පමණක් වූ අල්පායුෂයක් ආයුවළදා ආයුසංස්කාරය කල හ. මින්පෙරබුදු වූ උතුමන්අතරැ අසූදහසක් කල්වැඩසිටි නිදුකානන් වහන්සේලා වැඩසිටිය ද ( විපස්සී බුදුරජාණන් වහන්සේ වැනි) උන්වහන්සේලා ගේ ආයුසංස්කාරයත් සමග සසුන අතුරුදන්වැ ගිය හ. එහෙත් සිද්ධාර්ථ ගෝතම සුගතතථාගතයාණෝ පිරිනිවීමෙන් පසු ද පන්දහසක්කලකට සසුන පවතින්න ට අධිෂ්ඨාන කල සේක.
එවන් මහානර්ඝ පරම පූජනීය බුදුසසුන අප සතු ය. එහෙත්අදවන විට ඒ ආශ්චර්යමත් බුදුසසුන අතුරුදන් වෙමින් පවතී. අධර්මය බලවත්වන අතර ඒ සදහා අප්‍රමාණ ව මුදල් ගලාඑන්නේ ය. එහෙත් බුදු සසුන වනසනු මිස රැකගැනීමට කිසිවෙකු ඉදිරිපත් නො වේ.

අද බොහෝ පන්සල් ආර්ථික ගැටලුවලින් පීඩාවට පත් වඇත. සසුන වනසන අභ්‍යන්තර බලවේග ක්‍රියාත්මක වන අතර ගම්වල මිනිසුන් ඒ බලවේගයන්ට හසුවී ගමේ පන්සල අත්හැර දමා ගොස් ඇත. සමහර පන්සල්වලට හරියට දානේ වේලවත්, බුද්ධ පූජාවවත් නො ලැබේ. සමහර පන්සල්වල බුද්ධ පූජාවට තබනුයේ පොල්කෑල්ලක් පමණි.

වරක් මට මිත්‍රයෙක් පැවසූ පුංචි කථාවක් මම කියන්නම්. ඈතගමක පන්සලකි. එ හි වැඩසිටියේ වයයෝවෘද්ධ විහාරාධිපතින් වහන්සේත්, ශිෂ්‍යයන්වහන්සේත් ය. ශිෂ්‍යයන් වහන්සේ කොළඹ විශ්වවිවිශ්ව විද්‍යාලයක් අධ්‍යාපනය හදාරති. මේ ගමඉතා ම දුෂ්කර පලාතකි. හරිහමන් වාහනයක් නැත. ලොකු ස්වාමීන්වහන්සේ ට දාන ආරාධනා ලද විට පාගමනින් ම වැඩමකරති. සමහරවිට දවල් දානයට වඩින්නට පටන් ගන්නේ උදේ දන් වැලදූ විගස ම ය. ආපසු වඩින විට නිවැසියන් යම් මුදලක් අතතබන්නේ “හාමුදුරුවනේ වාහනයක් ලැබුනොත් මේ මුදලින් පන්සල ට වඩින්න” කියමිනි. උන්වහන්සේ මුදල් අතමිට මොළවා ගෙන ආපසු පා ගමනින් ම වඩිති. නො මිලේයාමට හැකි වාහනයක් පමණක් ලැබුනොත් වැඩමකරති. වත්තේ පිටියෙන් කීය කීය හරි සොයාගනිති. මොකට දමේ සල්ලි හොයන්නේ. අර ශිෂ්‍යයන් වහන්සේට මාසෙට සෑහෙන මුදල් සොයාගැනීම ට ය. මාසයකට සැරයක් කොළඹ වඩින උන්වහන්සේ ශිෂ්‍යයන් වහන්සේ අත ඒ මුදල තබා ඉතා ඉක්මනින් නැවත පන්සල ට වඩිති.
සමහරු බුදුහිමියන් වෙනුවෙන් මාලිගා ඉදිකරද්දී ගමේ පන්සලේ තත්වය මෙය යි. නමුත් බුදුහිමියන් අනුදැන වදාලේ කුමක් දැ යි හොදින් සිහිකරන්න. අසරණ ගමේ පන්සල් නගාසිටිවීම අපේ යුතුකමකි. අලුත් තැන් මෑතක දී පහල වන්නට පෙර වසර දහස් ගණනක් තිස්සේ සසුන රැක්කේ ගමේ පන්සල නො වේ ද? බැමැනිතියාසාගතය අවස්ථාවේ වැටකෙයා කොළ ඉස්ම බොමින් මහවැලිගගේ ඉවුරු මත ක්ලාන්ත වී වැටී එක් එක් භික්ෂූන් වහනක්සේ ලංවී කන්වලට කොදුරමින් ත්‍රිපිටකය පාඩම් කල හ. එවන් මහා අනර්ඝ සේවාවක් කල පන්සල හැරදමාඅලුත් මධ්‍යස්ථාන සොයා යාම කෙතරම් අපරාධයක් ද?
මා විසින් කෙරෙනුයේ මේ බුදුසසුන රැකගැනීම ට සිදු කෙරෙන පුංචි වෑයමකි. ඔබේ ආධාර උපකාරයෙන් මෙවන් මහා අනර්ඝ පින්කම් රාශියක්කර ඇත.

ඔබ යම් මුදලක් පන්සලක් වෙනුවෙන් වෙන් කෙරේ ද එය බුද්ධ දේපලකි. එය මා වෙත එවන්නේ බුද්ධ දේපලක් ලෙසිනි. ඒ වටිනාකමට සරිලන වැඩ කොටසක් සිදුකිරීම මගේ වගකීමකි. එයින් සතයක් තරම් වටිනාකමක්වත් මගේ පුද්ගලිකප්‍රයෝජනයට යොදාගෙන ඔබට බොරුගිනුම් පෙන්වන්නේ නම් එය මහත් අපරාධයක්වනු ඇත. මන්ද බුද්ධ දේපල සොරාකෑම නිසා ය. ඒ නිසා හදවතට එකගව මෙතෙක් ඔබ පින්කම් වෙනුවෙන් එවූ මුදල් සතයක වටිනාකමක්වත් මගේ පුද්ගලික ප්‍රයෝජන සඳහා නො ගත්බව ත් ඉදිරියේ දී ත් යොදා නො ගන්නා බව ත් ඕනෑ ම තැනක දිව්රා පොරොන්දු වීමට හැකි වීම මා ලද ජයග්‍රහණයකි. මේ පින්කම් සිදුකිරීමට වෙනම ම ගිණුමක් වෙන්කර ඇති අතර එ හි හැදෙන පොලිය පවා පින්කම් වෙනුවෙන් ම වෙන් වෙනවා.

උත්තම බුදුදහම ලෝකයට සිරිලකින් දියහැකි අනර්ඝතම දායාදය වන්නේ ය. අද ලෝවැස්සෝ මිත්‍යා දහම් මගහරිමින් සද්ධර්මය වටාරොක්වෙති.

මේ වන විට ලක්ෂ ගණනක පින්කම් සිදුකර ඇති අතර ඒ වෙනුවෙන් මගේ සොහොයුරන් සොහොයුරියන් බදු වූ මිතුරු කැලක් මා සමග අත්වැලි බැද සිටියි. ඒ කලණ මිතුරැ මිතුරියන්ට මාගේ ප්‍රණාමය පිරි නමමි. එසේම මේ වෙබ් අඩවිය සකස්කිරීම වෙනුවෙන් සිය වටිනා කාලය, ධනය, ශ්‍රමය වැයකරමින් වෙහෙස මහන්සි වූ Ok Webs ආයතනයෙහි පින්වත් තිළිණ සම්පත් මල්ලිටත් මාගේ පුණ්‍යානුමෝදනාව පිරිනමමි. අපි සිදුකරන්නේ නිහඩ සේවයකි. එහෙත් යම් අවස්ථාවලදී ලේක්හවුස් ආයතනය අප ගැන සිය පුවත්පත්වල දැක්වූ අවස්ථාද නැත්තේ නොවේ. ඒ පිලිබද විස්තර මෙතන ක්ලික් කිරීමෙන් ලබාගත හැකිය.

බුදු දරුවන් ලෙස අප අතර ඇති ඒ මහා නිධානය ලෝවැසියන් අතර බෙදාහැරිම්න් අප යුතුකම ඉටුකල යුතු ව ඇත. බොහෝ ජනහිතසුව පිණිස දහම රැගෙන යන ලෙස ශාක්‍යසිංහයෝ සැමවිට ම අවධාරණය කල හ. ඒ යුතුකම ඉටුකරමින් ලොවට අමා වැසිවැස්සවීම ට පෙළගැසෙමු. පන්සාළිස්වසක් මුලුල්ලේ වටවර්ෂා දිය දහරාවෝ කෙමෙන් වියලීමට පටන්ගෙන ඇත. එ සේ උව ද දම් වළාවෝ තව ම අතුරුදන් නො වී ලෝ සැරිසරති. ඒ අමා දම් වැසිවස්සවා ලෝ දනන්, තෙත් කිරීමට අත්වැල් බැදගනිමු.

මා අමතන්න …
මම ශාසන හිතකාමී එරන්ද ලක්මාල් ද සිල්වා

දුරකථන අංකය: 071-2933180

Address

The International Foundation For Buddhist Communication. Matikumbura, Polgahawela, Sri Lanka.

+94 71-2933180 (Mobile Or WhatsApp)

© 2023 IFBC Organization. All rights reserved.

TOP